ගැප් රේඩියෝ

Friday, November 30, 2012

පියාඹන පීරිසි

පියාඹන පීරිසි
ඇවිදිල්ලා ඔන්න
ගෙනියන්න 
දුක් විදින
අහිංසක
මිනිසුන්ව
ඒ ලොවට
ලැම්බෝගිනියෙන් ගිහින්
බේරමුද ඒ අයව
චන්ද්‍රිකාවෙන් ගිහින්
හප්පමුද පීරිසිය......

Thursday, November 29, 2012

එනවා පියඹලා

නුදුරු දිනයක
නුඹ දකින්නට
එන්න සිතෙනවා
පියඹලා මට
සුළං රැලි මහ
වැසිද පසුකර
එනවා සත්තයි
සොයා නුඹ මම
තුරුලු කරගමි
සොයගත්තම........

සිහිනයකි එය

ළංවෙලා ඉන්නට සිතයි මට
පෙර දිනක සිටියා වගේ
හිතේ සතුටට නැගුන සිතුවිලි
සිනාමල් සැදුවා මුවේ
පෑව සෙනෙහේ ආදරෙන් හිද
තෙත් කලා දෙනෙතම මගේ
සිහිනයකි එය නමුදු ඇත්තයි
රිදුම් දුන්නත් ජීවිතේ

සිතේ උපදින සෙනෙහෙ සිතුවිලි
ගියා පාවී දුර ඔහේ
මතක් කරමින් වැලපුනා‍ නෙත
නුඹ නැති හින්දා මෙහේ
සෙනෙහසින් ළංවී ඉන්න හැදුවට
ඉන්න බෑ නුඹ ගොස් දුර
සොයුරියේ නුඹ සිටියා නම්
දුක දැනෙන්නේ නැ අද
නැතිවුනත් නුඹ අපේ ළග අද
දුන්න සෙනෙහේ දැනේය.....

සුළග

සුවද අරගෙන
සුළග එනවිට
යන්න සිතෙනවා
පාවෙලා මට
සුවද ගෙන එන
සුළග එක්කම......

සුරංගනාවක්

සුරංගනාවක්
දුටුවා ලස්සන 
පොඩ්ඩක් ඇසිපිය
නොසලා බලාන
හිටියා මම
නෙතත් පිරෙනකම්
සිතත් එක්කලම...

නුඹට ළංවෙලා

සිත ටිකෙන් ටික
නුඹට ළංවෙලා
කියන්න හදනවා
ලස්සන කවියක්
කවියේ පදයක්
කියන්න නුඹහට
හැකිවුනොතින් නම්
එය මට සතුටක්..

සිත ළගට ඇවිත්

ඇවිත් සෙමෙන් 
සිත ළගට මගේ
කියයි කතාවක් 
සෙමෙන් වගෙ
සොයා ඇවිත් මා
වෙහෙස වගේ
පෙනෙයි දුටුව විට
කතා ඇගේ
සිතෙයි මටම
සිහිනයක් ද මේ...

Wednesday, August 29, 2012

නැනේ ළගක

සිත අසරණයි තාම
කවුරුත් නැනේ ළගක
කියන්න සිතේ තියෙන
තේරෙන්නැති දේ සේරම

විශ්වාසයි

අතරමං වු මගේ සිතට
පාර කියා දුන්
නුඹගෙ දෑසේ
ආදරයක් ඇතිබව
දැනුන මුත් මට
මමත් නුඹට
ආදරේ කරන බව
කියාගන්නට
නොහැකිව
අසරණ වී

සිටින අපූරුව
නුඹ දැක්කා නම්
පළමුව නුඹ
එය මා හට පවසන
බව මට
ඉර හද සේ
විශ්වාසයි...

හුස්මක මගේ දුරින්

සිත සොයනා ආදරය
ළගයි වාගේ 
යන්තම් දැනුනාම
කියාගන්න බැරි සතුටක්
හදේ උපදිනා හින්දම
හුස්මක මගේ දුරින් ඔයා 
තියාගනිමි මතු දවසක
ඒ දිනයත් ඉක්මනටම
එන්න කියලා 
ප්‍රර්ථනා කරනවා මම.

දේදුනු කුමාරියක්

දේදුනු කුමාරියක් වෙත
මාගෙ සිත පාවෙලා ගිහින්
ඉල්ලන්න හිතයි සිත
ටිකක් බයයි මට
මොනව කරන්නද 
තේරෙන්නැ තව
දුරින් ඉන්න ඒ
දේදුණු කුමරිය
මගේ වෙන්නෙ කවදද
කුමරිය වෙත සිත
ඇදීගියේ කොහොමද

සිනාසෙන්න යළි

සිනාසෙන්න යළි


සිනාසෙන්න යළි
මට කියලා දෙන්න
එදා වගේ නුඹ
එපා මගෙ සිනා
උදුරාලා ගන්න
සිනාසෙන්න හරි
ආසයි මම නම්
ඒ හින්දා නුඹ 
මාවෙත ඇවිදින්
සිනාසෙන්න මට 
යළි කියලා දෙන්න..
හඩන සැම විටකම
කදුලු බිදු ඇවිදින්
නෙත් විලේ පිරිලා
ඉතිරිලා වැටුනේ
සිනාසෙන බොහෝ විට
කදුලු බිදු ඇවිදින්
නෙත් විලේ පිරිලා
ඉතිරිලා වැටුනේ
කදුලින් කියන්නේ
ඇත්තටම මොනවද
සිතන්නට වෙනවා
ගොඩක් මට ඒ ගැන...
මුහුණු පොතේ දකින
සොදුරු යුවතියන්
හදවතේ රුදී සිටිද
ජිවිතේ පුරාමත්
සමහර අය 
එනවා යනවා
සුළු මොහොතකටත්
හදවතෙ ඉන්න
බැරිවෙයි දෝ
එක්කෙනෙකුට වත්.......

අසරණයි

සිත අසරණයි තාම
කවුරුත් නැනේ ළගක
කියන්න සිතේ තියෙන
තේරෙන්නැති දේ සේරම.

නින්ද

හිරු සගවලා අහසේ
සද හිනැහිලා එන්නේ
කිසිවක් දන්නෙ නැතුව
තරු දිදුලමින් ඉන්නේ
නින්දත් හොරෙන් ඇවිත්
ඇස් පියවෙලා යන්නේ
ගිහිල්ලා දැන් හනිකට
නිදාගන්න ඕනේ...

නුඹව දකින්න

නෙතු තවමත් බලා ඉන්නෙ
නුඹව දකින්නයි
සැගවිලා ඉන්නෙ මොකද
මට දුක හිතෙයි
ඉක්මනටම එන්න ළගට
මගෙ සිත කියයි
සිහිනෙන් හෝ ඇවිත් යන්න
සුවය මට දැ‍නෙයි....

Saturday, August 4, 2012

හුදකලාව

හුදකලාව සිත ළග 
සක්මන් කරන
නැති කරන්න 
නුඹ එනවා
කිවුවා නේද
කාලය දැන්
හරි වාගේ 
දැනෙයි මට
ඒ හින්දා 
ඉක්මනටම
එන්න ඔබ.