ගැප් රේඩියෝ

Saturday, May 19, 2012

සද සාවි

 
සද සාවිට පුලුවන්නම්
මාත් එක්ක හිනාවෙන්න
මගේ හිතේ ඇති සෙනෙහස
වැඩිවෙයි තව සද සාවිට
ආල හිතක් පහලවෙලා
තිබු‍ණොත් ඒ සද සාවිට
ආදරයෙන් ලංවිලා
කියයි රහස් ම‍ගෙ සවනට..

සිතින් පෙම් කරමින්

නොදැන සිතින් පෙම්කලාට
කදුල නෙතට උරුම වෙයිද
එහෙම වුනොත් හැමදාකම
අඩන්න මට සිද්දවෙයිද
සිතුවිලි අතරින් පියඹා
යන්න හිතයි මට දුරකට
එහෙම ගියොත් මගේ සිතේ
පෙම් සිතුවිලි දුරස්වෙයිද
දුරස්වුනොත් මගේ හිතට
සහනයක් වත් ලැබෙයිද...

Friday, May 18, 2012

සිහින කුමරි

තරහ වෙලා වගේ ඉන්න
සිහින කුමාරි
ඔහොම ඉන්න එපා ඉතින්
මට දුක හිතේවි
මගේ සිහිනෙට නුඹ එනවිට
සිනහ පිරේවි
අද රැටත් නුඹ එනවද
මගේ සිහිනෙට
සිහින කුමාරි...

ආඩම්බර සදසාවී

 දුර ඉදගෙන බලා සිටින
ළං වෙන්නට සිතා සිටින
මගේ සිතට සෙනෙහෙ පාන
ආඩම්බර සද සාවි
මගේ ලොවට එළිය අරන්
එන්නේ කවදාද කියා
පවසන්නට බැරිද ඉතින්
මග බලාන ඉන්නේ තාම
නුඹගේ සෙනෙහේ ලබාගන්න
පමා නොවී එන්න ළගට...

Wednesday, May 16, 2012

නපුරු වෙන්න එපා

 නපුරෙන් නොහැක සැමදේවල් ජයගන්න
සතුටින් සැමගෙ සිත් දිනවාගෙන ඉන්න
ගහබැන ගත්තොතින් වෙයි සැමදා දුක්වෙන්න
දුක නම් එපා සිතහට ලං කරගන්න
මේ ටික කලෙත් ඉමු සැම එක්වි සතුටින්ම...

සිහින


රැයේ දකිනා සිහිනයන් 
මතක් කරමින් සෑමදාකම
සිනහ වෙන්නට සිතෙනවා මට
නුඹ‍‍ගෙ රුව හදවතේ මවාගෙන...

නිකැලැල් හදවත

නිකැලැල් හදවතක්
ජීමිතේ පුරා 
සෙව්වත් මම
තාම හමුවුනේ නැ
නිකැලැල්ම හදවතක් 
ලැබෙන්නේ කවදාද
ඒ වාගේ හදවතක් 
මගේ හදටත් වඩා
ආද‍රේ පිරී ඇති.....

තහනම් මල

 සිතට සිතන්නට තාමත් හැකිනම් 
නෙතට හඩන්නට තාමත් හැකිනම් 
හිරු සදු ලොව තුල තාම දි‍ලෙයි නම්
සුවද මලක සුව ඇයි මට තහනම්....