ගැප් රේඩියෝ

Saturday, June 9, 2012

තවත් බැ ඉවසන්න

තවත් බැ ඉවසන්න
ළංවෙනවා නුඹෙ සිතට
සිහිනයෙන් අද රෑම
සිපගනිම් නුඹව මම
ආදරේ ඇති හදම
නුඹට දෙමි ගලවාම
රැකගන්න එය හොදින්
බිදලන්න එපා එය
කැමති නම් නුඹ එයට
නුඹෙ හදත් මට දෙන්න
ආදරේ මුල් පදය
නු‍ඹෙ මුවින් පවසන්න
ආදරෙන් ළංවෙලා
අහන්නම් හැමදාම...

ඇඩෙනවා තනි ඇහැට

සද රැ අහසේ 
තරු කැට අතරින් 
මම ලියු කවි පද 
සොයනවා රහසින්
මටත් හොරා ඒ 
කවි පද අරගෙන
තව පද එක්කර
කවියක් හදලා 
මා හට එවනවා
බලන්න කියලා
බැලුවම කවියම
ඇඩෙනවා තනි ඇහැටම...

දුර සිටින නුඹ

සෙමින් සෙමින්
ළංවෙන්නට 
සිතයි ඇගේ හදවතට
දුරක ඉන්න හින්දා
බයයි ළංවෙන්නට 
ඔබ වෙතට
පෙම් සිතුවිලි 
දැනෙයි හදට
වෙනදාටත් වැඩියෙන්ම
දුටුවෝතින්
රැ සිහිනෙන්
සිනාසෙන්න
මා එක්ක.......

නොදුටුව නුඹ

කදුලැලි ඇස්වල
පිරුණු වෙලාවට
රතු වී දෙනුවන්
හඩන වෙලාවට
සිතෙ දුකට කවි
පද ලියවෙන විට
සිහිවෙනවා මට
නුදුටු නුඹව මට
කියන්න දේවල් 
අසන්න දේවල්
සිතේ පුරෝගෙන
ඉන්නේ තාම මම
කාලය ආවම
කියනවා ඒ ගැන....

සිනහව නැති වී

සිනහවෙන්නට 
කියයි සද සාවි
දුර ඉදන් මට 
සිනහව මාගෙන්
හොරකම් කරගෙන
ගොස් ඇති බව
නොදන්නා සද සාවි
ඔච්චම් කරමින්
ඉගි බිගි පායි මට...

Tuesday, June 5, 2012

බලා හිදිමින්

බලා ඉන්නට හිතෙනවා මට
නොබලා ඉන්නට බැරි නිසා
ඉන්නෙ කොහොමද ඉවසලා තව
සිතේ ආසා වැඩිවෙලා

නෙතේ ඇදි රැ තියාගන්නෙමි

කදුලෙ දියවෙන්නට නොදී
සිතින් ළංවී සිටිමි බල බල
ගතින් ළංවෙන තුරු අපි

සිහිනයෙන් දකිනවා රැයේදී
ඇවිත් ළංවී සිඹින්නේ
කුමරියේ නුඹ හැඩයි හරියට
මගේ ලොව වෙත වඩින්නේ