ගැප් රේඩියෝ

Monday, June 18, 2012

මගෙ සිත

සිත පුරා පිරි ඇති
සිතුවිලි පොදිවල
නුඹ ගැන විස්තර
තියෙනවා හරියට
මතක් කර කියවමින්
ඒවා එකිනෙක
සතුටක් ගෙනෙනවා
සොදුරු මගෙ සිතහට...

පාලු සිත

පාලු වෙලා අදුරු වී
ඇති මගේ සිතට
ආලෝකයක් අරන්
නුඹ ඒවිද හෙට දිනේ
පාලු මකා මා සමගින් 
සැමදාමත් මගේ ළගින් ඉන්න

ළං ළං වීලා

සෙනෙහස පාමින් 
ළං ළං වීලා
ඉන්න හිතයි මට
නුඹෙ තුරුලේ වෙලීලා
ආදරයෙන් නුඹ
මගේ හිස අත ගාලා
ඉන්නව නම් මට
සතුටුයි සැමදා....

සිතිවිලි වැල්

සිතකින් සිතකට 
පෙම් සිතිවිලි වැල්
ගමන් කරනවා
මා හට නොදැනිම
තව කොච්චර කල්
බලාන ඉන්නද
පූදින කන් ඒ
සිතිවිලි වල මල්...

නුඹ එනවිට

ඈතින් සිටියට
මා හට නොපෙනී
මගෙ සිත නුඹ ළග
නුඹටත් නොපෙනී
දාහක් දේවල් 
සිතතුල තෙරපී
මතකෙට එන්නේ
නුඹ ගැන පමණී
කවදා හෝ යලි
නුඹ එනවිට දී
මගේම වෙනවද
මට හද පුද දී..