ගැප් රේඩියෝ

Friday, June 29, 2012

මගේ හද

සාගරය ගැඹුරේ මගේ හද ගිලුනේ
ගොඩට ගන්නට හදන හැම විට
තවත් ගැඹුරටම ඇදුනේ
නුඹත් ළග නැ හිටියේ මාගේ
දුන්න ආදරේ හදේ තිබුනේ
ඒත් මගේ හද අද සයුරේ ගිලුනේ.

මදුරුවෝ තල තලා

මදුරුවෝ තල තලා
කාපු තැන් කස කසා
තාමත් ඉන්නේ මා
ෆේස්බුක් ඉස්සරහා.

සද හැංගිලා

වළාකුළු අතරේ
සද හැංගිලා වාගේ
මොකද දන්නැ
හැංගුනේ සද
තවත් එක් ප්‍රශ්නයක්
මා හට
ඉතිරි කරලා වාගේ

නැගෙන ගිණිදැල් 
සිත දවන විට
කදුලු අතරින්
පෙනුනි නුඹෙ රුව
ඒත් මාහට දැන් එපා නුඹ
ඉන්න විදිහට ඉන්නම්කො මම
මගේ පාඩුවේ සිත හදාගෙන.

නුඹත් ආවොත්

නෙතු කවුලු හැරදමා
කදුලු කැට පිසදමා
අලුත් සිතුවිලි වලින්
හද පිරෙව්වෙමි මා

නුඹ ගැනම සිත අද
සිතනවා ඇත්තටම
අලුත් ලොවකට යන්න
හිතෙනවා නුඹ එක්ක

ජීවිතේ සුන්දරම
දේවල් සොයා යන්න
නුඹත් ආවොත් එහෙම
දැනෙයි සතුටක් මටම
 

නුඹ යනවිට

එළිය කෙරු සිත් අහසම
පුරා සදේ එළිය තැතිව
ඉන්න වෙයිද මට තනියම
නුඹ යනවිට මා හැරදා
කදුලු වලට අඩගසලා
සුසුම් වලින් සිත පුරවා
නුඹ යනවා හිනැහීලා
සිත් අහසම කළුකරලා......

ආදරේ දැන්

තියෙන දේවල් හිත පුරෝලා
වෙහෙස වී ඇත නෙත් තෙත්වෙලා
කියනු බැ තව නුඹට ළංවෙලා
ආදරේ දැන් මටම ඇතිවෙලා......
සෙමින් සෙමින් සිත
ගමන් කරනවා 
නුඹ සිටිනා ඉසව්වට
මට බයක් දැනෙනවා
නුඹ දැකලා 
තලා බිද දමාවිද
මගේ අහිංසක සිත..