ගැප් රේඩියෝ

Saturday, July 14, 2012

පැරණි පෙම්වති

දුටුවේ හුගකා‍ලෙකින්
මුහුණු පොතට ඇය ඇවිත්
දැම්මත් රික්වෙස්ට් එකක්
කන්ෆර්ම් ක‍ලේ නැ තවත්
හිතාගන්න බැ තවත්
දැන් ඇය මාගේ නෙමෙයි
කියලා හිතාගන්නවා මම
ආයේ එපා මට තවත් 
ඉල්ලා අස්කරගන්නවා
දැම්ම රික්වෙස්ට් එකත්....

නුඹ ලැබුනොත්

මග බලමින් සැමදාකම
සිටියා මා නෙතු අයාන
නුඹ එනවාදො කියලා
ඉගිල්ලිලා මා සොයන

තියෙන හිතේ පෙම් සිතුවිලි
මොදු වෙලා අද හොදටම
නුඹ මාහට පෙම් කල බව 
තිබුණා නුඹෙ සිතිවිලි වල

සතුට ලැබෙයි නුඹ ලැබුනොත්
වෙන මොකවත් මට නැතිවත්
නු‍ඹෙ ආද‍රේ මට සුවයක්
සැමදාටම මට සෙවනක්
 

අද නම් සීතලයි

අද නම් සීතලයි
හුළගත් හරි සැරයි
මතක් වෙන්නේ නුඹව
ඒ හින්දාමයි
නු‍ඹේ තුරුලට වෙලා
ඉන්න මට ආසයි
ආදරේ හිතෙන්නෙත්
එ් හින්දාමයි

මතක් නොවෙන්නට

නුඹව
මතක්වෙන 
මගේ
සිතට
කුමක්
කරම් ද
මා යළි 
මතක්
නොවෙන්නට
නුඹව ........

නුඹ එනවද

සුළං හමයි දස අත
සුවද නැතුව මට අද
ඉන්නේ මම කොහොමද
ඔයා නැතුව මගෙ ළග
සිතට දුකක් එයි අද
හීනෙන් වත් එනවද
ආවොත් නුඹ යනවද
ගියොත් ආයි එනවද

ගිණිගත්ත පෙම

සීත සුළගට
කීවහම දුක
නිවුවා හදතුල
ගිණිගත්ත පෙම 

හෙම්බිරිස්සාව

එක දිගට නොනැවති
කිවිසුම් යනවා
හෙම්බිරිස්සාවත් 
ළග ළගම එනවා
හෙට උ‍‍‍දෙ
ඇහැරෙද්දි
සොරිම තමා 

ලෙන්ගතු නුඹ

සිතට තාමත්
ලෙන්ගතුයි නුඹ 
දුරින් ඉදගෙන
සිනා සැලුවත්
හදවතේ දොර 
විවර කර‍ගෙන
තාම ඉන්නේ
එනතුරා නුඹ —