ගැප් රේඩියෝ

Monday, July 23, 2012

දෑසට පෙම්කරමි

ඈත ඉදගෙන බලනවා නුඹ
මමත් නුඹ දෙස බලනවා තව
නුඹගේ දෑසට පෙම්කරමි මම
තවත් හොදටම බලමි නුඹ දෙස
හිමිවෙනා තුරු නුඹව මාහට
එතෙක් මග බලමි මම

විශ්වාසයි

සිතින් කොයිතරම්
පෙම් කෙරුවත්
නුඹට නොදැනෙනා 
වග දනිමි මා
එනමුත් එය
නුඹට දැනෙන වග
වැඩි ඈතක 
නොවන බව නම්
මට ඉර හද සේ
විශ්වාසයි

සිතේ ළැගුම් ගෙන

සිහිනෙට පැමිණෙන 
කුමාරිකාවක්
සිතේ ළැගුම් ගෙන
ඇත සාමදාමත්
මගේ ආදරේ
තේරුම් ගත්තෝත්
දැනෙයි සතුට 
මගේ දිවිය පුරාමත් 

සිතට සුවයක්

යන්න හිතෙනවා ඉගිලිලා
ඇය ඉන්නේ දුර තනිවෙලා
සිතට සුවයක් නොමැති තැන මම
ලියමි කවි පද ඇය ගැන සිතා
දැනෙනවා නම් මගේ හදේ රාවය
එනවා සත්තයි ඇය මා සොයා
ඉදියි මගේ ළග නැවතිලා
මගෙම වීලා සැමදා..

ආදරේ ලබාගන්න

දුටුවේ මම හැමදාකම
නුඹ‍‍ගේ රුව පමණයි
සැමදාමත් වාගේ නුඹ
ආවේ මා ළගටයි
සිත පි‍‍‍රෙන්න ආදරයක්
දෙනවා කිව්වෙ මටමයි
එ ආදරේ ලබාගන්න
බලා ඉන්නේ මමමයි 

ඔයා තාම කිව්වෙත් නැ

සිතේ පැතුම් ගොඩ ගැහිලා
තියාගන්න ඉඩකුත් නැ
ඔයා ඇවිත් අරන් යනවා 
කියලා තාම ආවෙත් නැ
එක දිගටම බලා ඉදලා
‍නෙතට ම‍‍‍‍‍ගෙ නින්දත් නැ
එන්නේ කවදාද කියලා
ඔයා තාම කිව්වෙත් නැ 

කවදද එන්නේ

මේ තරමට දුරින් ඉන්න
නුඹට කියන්නේ
ආදරේ අරන් මගේ ළගට
කවදද එන්නේ
ඒ එනකොට මම කොහොමද
ඉන්නට ඕනේ
ඉක්මනටම කියන්නකෝ
මට මට ඉවසිල්ලක් නැනේ..

දුක දැනෙන්නැ

දුරින් ඉන්නේ කෙලෙසදො නුඹ
මාව තනිකර මේ ලෙසින්
ළගින් ඉන්නට තිබුනා නම්
දුක දැනෙන්නැ මේ ලෙසින්
සිහිනයෙන් නුඹ ඇවිත් ළගටම
සෙනෙහෙ දුන්නා හදවතින්
කොච්චරක් හරි බලා ඉන්නම්
ඔයා එනවා නම් ඉතින්

සිතක් සොයමින්

සිතක් සොයමින් 
යන්න හිතෙනවා
ඈත දුරකට පාවේලා
ලැබෙනවාමයි
සොයන ඒ සිත
සිතනවා මම
සෑමදා..