ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

හුදකලාව

හුදකලාව සිත ළග 
සක්මන් කරන
නැති කරන්න 
නුඹ එනවා
කිවුවා නේද
කාලය දැන්
හරි වාගේ 
දැනෙයි මට
ඒ හින්දා 
ඉක්මනටම
එන්න ඔබ.

නින්දත් නැ

සිනාවෙන දෑස්වල 
ආදරේ පිරිලා
ළගට ගන්නට හිතයි
මම කැමති හින්දා
කවමදාවත් නොදුටු
කුමරියක් හින්දා
මටම නින්දත් නැ
ඇය ගැනම
හිතන හන්දා.....

විඩාබර දෙනෙත්

විඩාබර දෙනෙත් වලට
සිසිලසක් අරන් 
ආදරේ අකුරු ටික
එකින් එක කියාදෙන්න
එනවා කිවු නුඹ තාම
ආවේ නැත්තේ කිමද ?.

මගේ සනසුම

‍වේදනාවන් ඇයව රිදවයි
මගේ සිතටත් දුකක් පැමිණෙයි
සිහිනයෙන් ඇය ළගට යන්නයි
ගිහින් ඇගෙ වේදනා ගන්නයි
ඇගේ සිත සුවපත් කරන්නයි
මගේ සනසුම ඇගේ සතුටයි..

නුඹයි මමයි

නෙතු දොරකඩ නුඹ ඉන්නවා
ඇතුලට ගන්නට හිතෙනවා
නුඹ මා හට කැමති නම්
හද කුටියට කැන්දා ගන්නවා

සද හා තරු එක පාරින්
මගේ වදන් පිළිගන්නවා
නුඹ කැන්දන් එන දවසට
සද සාවිත් සුභ පතනවා

ගෙවුණු අතීතය මොකටද
ඒ ටික හෝදා දානවා
නුඹයි මමයි එකතු වෙලා
ලෝකය ලස්සන කරනවා

ආදරේ නුඹටයි

දුර ඉදගෙන බැලුම් හෙලන
සිත අරගෙන ගිහින් තියෙන
සිහින ලොවේ කුමරිය මගේ
කවදා දො එන්නෙ මවෙත
හිටියා ඇති දැන් තනිකඩ
ඔයා එන්න මා ළගටම
දුක නැතිවෙයි සත්තකින්ම
දිව්රා පවසන්නම් මම
ආදරේ නුඹටයි කියලා
දාලා යන්නෙ නැ කිසිදින
ඉන්නවා මම නුඹ ළගින්ම...

සිනාසෙන දෑස්

සිනාසෙන දෑස්වල
සිනා අද නැතුවා
දුකෙන් ඉන්නා බව
නිකමටම සිතුනා
ළගක සිටියා නම් 
යන්න මට තිබුනා
තවත් නම් දුක ඇයට
දෙන්නෙපා කිසිදා
වේදනා රිදවාවි
ඇගෙ සිත සැමදා..

දුන්නා ඇති දුක

කදුලු වලින් සිත්තම් කල
ආදරයේ සැමරුම් පොත
සිත ඇතුලේ තියාගෙන
ඉන්නට බැ තව කල් මට
ඔයා ඇවිත් ගෙනියනවද
සිතට සැහැල්ලුවක් වෙන්න
කදුලු තවත් එපා දෙන්න
දුන්නා ඇති දුක හොදටම..

අකීකරු සිත

අකීකරු සිත මටත් නොකියා
ඇගේ රුව සිත පතුලෙ ඇදලා
නිදාගත් විට මටම ‍පෙනිලා
ඇහැරුනේ නෙත කදුලු පිරිලා

දුටුවේ නුඹ ඈතින් ඉන්න බව
දැනුනේ නැ නුඹට ලෙන්ගතු බව
ඒත් සිතුවේම නුඹගේ ගැන
කුමක් කරමිද නොතේරෙයි තව

දවසත් ළගයි

ලෙන්ගතු නුඹ සැමදාකම 
සිහිනෙන් එන්නේ
කවි කියමින් රැ පුරාම
මා සනසන්නේ
සනසන සිත ආදරයේන්
පුරවා යන්නේ
කවදා හෝ මගේ ළගින්
නුඹයි සිටින්නෙ
ඒ දවසත් ළගයි ළගයි
වගෙ දැනෙන්නේ..

ඔයා නිසා

මේ තරමට සිතුවිලි සිත
පිරි ඉතිරිලා
දුරක ඉන්න ඔයා නිසා
මාත් කැළඹිලා
කවදා හරි ඔයා එන්නේ
මා ළගට තමා
ඒ දවසත් ළගම එනවා
මග බලන් ඉන්නේ මා..... 

සිඹගන්නෙමි සද

සද පායන ආකාසේ
තරු කැට දිලිසෙයි රිසිසේ
දුර ඉදගෙන නුඹ හිනැහේ
තරුවක් වෙමි මම අහසේ
නුඹ සදමයි සිත් අහසේ
ළංවෙන්නට තව බැරි විලසේ
ඈත් වෙනවද නුඹ අහසේ
කවදා හෝ මම රහසේ
සිඹගන්නෙමි සද රිසිසේ —

මටම නොතේරෙන

සිත දැන් මාහට කීකරු නැ
ඇය ගැන සිතනවා
ඉවරයකුත් නැ
මටම නොතේරෙන 
ම‍ගෙ සිත හට තේරෙන
සැමදාමත් වගේ
සිහිනෙට පැමිනෙන
ඇය හින්දාමයි 
වෙන්නේ මේ සේරම....

සුවද අරගෙන

සුළං රොද හමා ‍ආවේ
සුවද අරගෙන වාගේ නුඹගේ
මේ තරම් දුර හමා ආවේ
ඇගෙන් පනිවිඩයක් වත්ද ආයේ
සිසිල් කර හදවතම මාගේ
දෙන්න සිතුනිද ආදරේ නුඹගේ
සිහිනයක් ලෙස නොබිදෙන්න ආයේ
ආවොතින් බදිමි කරකාරේ..

සිත සනසන

සිහින දනව්වේ
එහෙ මෙහෙ ඇවිදින
සිතුවිලි සමගින්
කෝලම් කරන
සැමදා ඇවිදින්
මගේ සිත සනසන
සිහින කුමරියේ
කෙදිනකදෝ නුඹ
මා වෙත ඇවිදින්
මා ළග නැවති
මා සිත සනසන්නේ..

හැමදාමත් වාගේම

හැමදාමත් වාගේම
අදත් බලාඉන්නේ
නුඹගේ ආදරය
ලබාගන්නයි
නුබගේ හිත
ඇතුලටම වැදී
සැමදාමත්
රැදීසිටින්නටයි..