ගැප් රේඩියෝ

Thursday, February 21, 2013

නුඹ එනවා නම්

සිහින දකින්නට සිත මගෙ කැමතියි
සැමදාමත් නුඹ එනවා නම්
සිනහා වෙන්නට මම හරි ආසයි
නුඹත් සිනහ වි ඉන්නව නම්
කතා කරන්නට සිත මගේ කැමතියි
කතා කරන්නට නුඹ එනවා නම්
ළගින් ඉන්න මම සැමදා කැමතියි
නුඹගේ ආදරේ මට දෙනවා නම්

ලස්සනයි

සදක් වාගේම ලස්සනයි නුඹ
එළිය දෙයි මගෙ සිත පුරාවට
මලක් වාගේම සුන්දරයි නුඹ
සුවද කරවයි මගේ හදවත
ආදරේ නුඹ කිව්වොතින් මට
ජයගන්න පුලුවනි ජිවිතය තව
විශ්වාසය රකියි නම් නුඹ
ඉන්න මා ළග දිවිතුරාවට