ගැප් රේඩියෝ

Saturday, June 15, 2013

හිතේ තරම නොදැන

හිතේ තරම මම නොදැන
පෙම් කෙරුවා නුඹ හටම
හිත රිදෙනා බව මේ තරමට මගේ
දන්නෙ නැද්ද නුඹ තවම
පෙම් කරන්නේ මම නුඹට
වෛර කරන්නේ නුඹ මටම
තේරෙන දවසක් එයි ළග ළගම

කියපු කතා තාමත් මගේ මතකේ
තියාගෙනම ඉන්නවා මම
ඔයා එක්ක සිටි කාලයේ මගේ හිත
තිබුනා සතුටින් හොදට
පෙම් කරන්නේ මම නුඹට
වෛර කරන්නේ නුඹ මටම
තේරෙන දවසක් එයි ළග ළගම....

අද රෑත් සිහිනයෙන්

තරු පොකුරු අතරින්
මට පෙනුන නුඹෙ මුහුණ
අද රෑත් සිහිනයෙන්
පෙනියන් ඒ ලෙසම
ආදරේ සද සාවි
නුඹද ඒ මට පෙනුන
ජිවිතේ හිමිකාරි
කරගන්නවා ඔන්න

ඇවිත් නුඹ

සිහිනෙන් ඇවිත් නුඹ 
නෙතු ගාවටම
මොහොතක් රැදි 
ගියාදෝ පැත්තකට
කදුලක් බලා හිද
සැගවි කොනක
වැටුනා බිමට එය
මගේ දුක එක්ක.

හරි ලස්සන

සද තරමට හරි ලස්සන
අහිංසකාවි
හිත අරගෙන යන්න ගියා
අද දිනයේ දී
නෙතු ළගටම බලා ගත්තා
ඒ මොහොතේ දී
බහ දෙනවද සද සාවියේ
හෙට දිනයේ දී.

පෙරදා වගේ

පෙරදා වගේ නුඹ ඇවිදිල්ලා
මොහොතක් රැදි හිද ගිහිල්ලා
වරදක් වුනා සිත නුඹෙ රිදිලා
හමුවන්නේ නැ අප යළි කිසිදා

කදුලක සිතේ දුක දියකරලා
දැම්මා බිමට සිත රිදෙනා හන්දා
තරහක් නැ වරද මගේ හින්දා
හදාගන්නෙමි සිත හෙට හෝ අනිද්දා

සැනසිම

එහා පැත්තේ නුඹ සිටියට
මෙහා පැත්තේ මම සිටියට
කතා කෙරුවේ නැ ළගක දි
ආයිත් අපි කවදාවත්
කතා කරන්නේ නැත්නම්
හිතට හොදක් සැනසිමක්
ලැබෙනව නම් මේ විදිහට
ඉමු අපි මේ ලෙස සැම දින
නොදොඩන යහළුවන් ලෙසම..

සිහින බලන්නට

සිහින බලන්නට හුරුකෙරුවේ ඇයි
මා තනිකරලා ඔයා යනවා නම්
රැයේ දකින හැම හිනයක් තුලම නුඹ
සිටියේ ඇයි තනි කරලා යනවා නම්
එපා එන්න නුඹ මගේ හීන වලට
අරන් යන්න මේ ඔයා සිටින හීන..

ඔබ ඇවිදින්

ඔබ ඇවිදින් මගේ සිහිනයට
සිටියේ නැනේ එහි හොදට
මට සරදම් කර සිත තලලා
ගියේ ඇයි නුඹ මා තනිකරලා

දවස් ගණන් දැන් ගෙවිලා ගියා
සිතේ රිදුම් ටික ටික යයි මැකිලා
ආයිත් යලි නුඹ පැමිණෙන්නේ නැ
රැවටුන සිත යලි රැවටෙන්නේ නැ
ඔයා තමයි මට හින ගෙනා කුමරි
හින අරන් දැන් ඔයා ගිහින් සැගවී