ගැප් රේඩියෝ

Wednesday, June 13, 2012

නුඹ ලගින් ඉන්න ඇත්නම්

සීතලට ගුලිවෙලා ඉන්න ඇත්නම්
උණුසුමින් ළංවෙලා තුරුලු කරගන්නම්
ආදරේ මට වඩා නුඹෙන් ලැබෙනවනම්
නුඹ ගාව සැමදාම ඉන්නවා මං

සද පායා ඇති රැයක නූඹ එක්ක
ඇවිදින්න ආසයි අත් අල්ලාන
මම දකින රැ සිහින සුන්දරය
එ සිහින මගේ සිතට සතුටක් ගෙනෙය

මල් පොකුරු පිණිවැටිලා ලස්සනය
සිණිබිංදු වල සිසිල නුඹ ළගය
ආදරෙන් මට දුන්න දේ බොහොය
පිණිබිංදු වාගේම නැතිවේද..

ආඩම්බරකාරී

ඈත ඉසව්වක සිටිනා ආඩම්බරකාරී
සැමදාමත් මගේ සිහිනෙට අවිදිල්ලා යාවි
සිනා කැලුම් මට පෙන්වා සැනෙකින් දිවයාවි
තවපොඩ්ඩක් ඉන්න බැරිද මගෙ සිහිනෙම සාවි

දුටුව දිනේ මගෙ සිත තුල දගකෙරුවාට
සිතේ පැතුම් පොදි බැදගෙන ඉන්නේ තාම
සිනාවෙලා මා සමගින් සිටියොත් එහෙම
දැනෙන සතුට කියලා නිම කරන්න නොහැක

සුවද සුළගෙ පාවිලා ආවොත් එහෙම
තියාගනිමි මගෙ හද තුල සැමදාමත්ම
සිතෙ තියෙන ආදරෙ මම කිව්වොත් එහෙම
පිළිඅරගෙන මගේ ළගින් නුඹ ඉන්නවද

හදව‍ත

බෝම්බ දමා
කුඩු කර දැමූ
හදව‍තේ
කැලි ටික
ඇහිදින්න බැරුව 
මම විදින දුක
ඔයා දන්නවනම්
.
.
.
.
.
.

දැනගත්තත් ඉතින්
මොනවා කරන්නද
 

හිත කුතුහලෙන්

සොයායන්නට හිතෙනවා මට
ඉගිලිලා හරි වේගයෙන්
හම්බවේවිද සොයන දේ මට
හිත මගේ ඇත කුතුහලෙන්
දුරින් ඉදගෙන සිනා සලනවා
දැනෙයි මට එය ඉවෙන් මෙන්
එපා නුඹ සැගවිලා ඉන්නට
එහෙම කලොතින් මග හැරෙයි

තරු අතර සිටින නුඹ

අහසේ තරු අතර ඉදගෙන
නුඹ මට සිනාසෙන අපූරුව
මේ තරම්ම මට සිනාසෙන්නේ ඇයි
මට හිතාගන්න බැ කොහෙත්ම
ඔයා කොහොමද තරු අතරට 
ගියේ කියලා
හොද වෙලාවට ඒක හීනයක් 
විතරක්ම වුනේ 
නැත්නම් තාම කල්පනාකරනවා
ඔයාව තරු අතරින් බිමට ගන්න ක්‍රමයක්..