ගැප් රේඩියෝ

Friday, May 25, 2012

කදුලු


සැගවී සිටියාට
ඇසි පියන් යට
වැටෙනවා කදුලු
දුක දැණුනු විට
සැගවී සිටියාට
ඇසි පියන් යට
වැටෙනවා කදුලු
සතුට දැණුනු විට
දුක සතුට විදගන්න
පැමිණෙන්නේ කදුලයි
අප ළගින් සැමදාම
ඉන්නේ ඒ කදුලයි.

ආදරේ මුල් පිටුව

සිතුම් සිත තුල සිරවෙලා වගේ
දැනෙනවා මට සෑම මොහොතෙම
නෙතේ ඇදි රුව මතක් කරනවා
සිහින කුමරිය ගැනම මා හට
සිහින වෙත නුඹ එනවා තිස්සෙම
අරන් යන්නට කොහෙද දුරකට
කියාදෙන්නට හදනවා මට
ආදරේ මුල් පිටුවෙ ඉදලම..

මගේ සෙනෙහෙ

හිස් තැන් පුරවන්න
ජීවිතයේ 
දුක සතුට විදගන්න
හැමදාම
මගේ ලොවට නුඹ එන්නේ 
කවදාද 
මගේ සි‍තේ ඇති සෙනෙහෙ
දැනුනාද......

Thursday, May 24, 2012

ලස්සන නුඹ

හිතට ආදරෙන් කිති කවනා නුඹ
හොරෙන් ලංවෙලා කියයි රහස් මට
නෙතට ලස්සනට පෙනෙනා විට නුඹ
සිපගන්න හිතයි නුඹ ආදරයෙන් මට
සිනහ මල් වලින් සරසාගෙන මුව
කදුලු ඉවතලා සිටිනා විට නුඹ
මටම පේනවා සැමදාමත් වගේ
නිදාගන්න විට දකින සිහිනවල

සිතේ ගැඹුරටම නුඹ ගැන හිතලා
ගොඩට ගන්න බැ සිතිවිලි ගිලිලා
නුඹම ඇවිත් මගේ සිතට ලංවෙලා
අරන් දෙන්න නුඹ ඇතුලටම කිමිදිලා

දේදුනු කුමරි

දේදුනු කුමාරියේ
සේදවලාවක ඇයි සැගවී උන්නේ
පාට හීනයේ පෙම්‍ දෝලාවක
නුඹයි මගේ හිත අරන් ගියේ
කුමරියේ නුඹටයි පෙම් බැන්දේ.....

Wednesday, May 23, 2012

වෙනස්වෙන්නැ

වෙනස් වෙන්නැ කවමදාවත්
සද ව‍ගේම තියේද හැමදාමත්
නුඹව උපමා කරන්නට මට
සිතයි අහසේ පායන සදට

ඇත්තමයි මගේ සිත් අහසතුල
පායන්නට හදන සද නුඹයි
සිත් අහස තුල ඇති අදුර නැතිකර
එළිය දෙනුමැන සෑමදාකම

කාලය එනතුරු

කුරුටු ගෑ සිත තුල
තවත් ඉඩ නැ ලියන්නට
නුඹගේ නම පමණයි
ලියා ඇත්තේ සිත තුල
නුඹට පෙනෙනා වග දනිමි මම
ඒත් මගෙ මුව ගොලුවෙලා අද
කියන්නට හැදුවත් බොහෝ දේ
තාම කාලය ඇවිත් නැ වගේ..

Tuesday, May 22, 2012

සදට ආසාවෙන්

සද එළියෙන් දැකගන්නට
සද වතුරින් නැහැවෙන්නට
සදෙන් සිසිල අරගන්නට
නුඹ එනවද සද අරගෙන
මා ගාවට හැම රෑකම.

පියාඹන්න ආසාවෙන්

නිදහසේ පියඹා
දුරටම ගිහිල්ලා
ඇගේ රුව දකින්නට
ආසයිලු නෙත් දෙකට
කුණාටුත් පසු කරන්
සැමදේම විදදරන්
පියඹන්න හිතෙනවා
තටුදෙකක් සොයාගෙන
නැ බියක් මගෙ හිතට
පියඹලා යනවා මම
දකිනවා ඇගේ රුව.

ජීවිතය

ජීවිතය මහමෙරක්
වාගේ සිතුවොත් එහෙම
කිසිදිනක දිනන්නට
නොහැකිවේ ඇත්තටම
සැහැල්ලුයි ජීවිතය
සිතන්නට හැමදාම
එහෙම සිතුවොත් එහෙම
ලැබෙයි ජය සැමදාම...

සිහිනය

සොයා ඇවිත් මා ළගටම
කියාදෙන්න ආදරේ ගැන
පමාවෙන්න එපා තවත්
ආදරයෙන් ළංව ඉන්න
අද රැ සිහිනෙන් ඇවිදින්
මාගේ හිස පිරිමදින්න
පතනවා මම හැමදාකම
ඒ සිහිනය සැබැවෙන්න.

Monday, May 21, 2012

හමුවීම

දවසක අපි හමුවෙනවා ඇත්තටම
සිත පවසයි සැමදාකම ඒ විලස
සැමට හොරෙන් හද ගලවා දෙමි ඔබට
රැ සිහිනෙන් මම දකිනවා ඒ විලස
නුඹගේ සිතෙත් මම සිටිනවා ඇති කොනක
කියන්නේ මට කවදාදෝ ඒ ගැනම
මග බලාන ඉන්නම් මම හැමදාම
දවස උදාවේවිදෝ අද හෙටම....

නුඹ

නුඹේ සුවද හමා ඇවිත්
මද සුළගේ දැවටීලා
විදගන්නට කියයි සිතට
‍‍පෙම් සිතිවිලි වලගැටිලා
අහස උසට සිහින විමන්
මගෙ හදවත තුල හැදිලා
මකාගන්න බැරිවිදිහට
නුඹෙ රුව සිත තුල ඇදිලා
කියාගන්න පුළුවන්
වෙනදාකට නුඹ මගේ කියලා
බලාන ඉන්නම් පෙර මග
නුඹ මාවෙත පියනගන තුරා.