ගැප් රේඩියෝ

Thursday, May 24, 2012

ලස්සන නුඹ

හිතට ආදරෙන් කිති කවනා නුඹ
හොරෙන් ලංවෙලා කියයි රහස් මට
නෙතට ලස්සනට පෙනෙනා විට නුඹ
සිපගන්න හිතයි නුඹ ආදරයෙන් මට
සිනහ මල් වලින් සරසාගෙන මුව
කදුලු ඉවතලා සිටිනා විට නුඹ
මටම පේනවා සැමදාමත් වගේ
නිදාගන්න විට දකින සිහිනවල

සිතේ ගැඹුරටම නුඹ ගැන හිතලා
ගොඩට ගන්න බැ සිතිවිලි ගිලිලා
නුඹම ඇවිත් මගේ සිතට ලංවෙලා
අරන් දෙන්න නුඹ ඇතුලටම කිමිදිලා

No comments:

Post a Comment