ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

නුඹයි මමයි

නෙතු දොරකඩ නුඹ ඉන්නවා
ඇතුලට ගන්නට හිතෙනවා
නුඹ මා හට කැමති නම්
හද කුටියට කැන්දා ගන්නවා

සද හා තරු එක පාරින්
මගේ වදන් පිළිගන්නවා
නුඹ කැන්දන් එන දවසට
සද සාවිත් සුභ පතනවා

ගෙවුණු අතීතය මොකටද
ඒ ටික හෝදා දානවා
නුඹයි මමයි එකතු වෙලා
ලෝකය ලස්සන කරනවා

No comments:

Post a Comment